ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

By Sithumi Jan 07, 2022 04:57 PM GMT
Report

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට (08) උදෑසන 8.00 සිට එදිනම මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කරයි. ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ පහතින් දැක්වේ. 

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බලප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බලප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශ සහ රත්මලාන ය. 

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now