පානීය ජලය මුර ක්‍රමයට - ප්‍රදේශ මෙන්න..
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහාවාරි ව්‍යාපාර 73න් 42ක සක්‍රිය ජල ධාරිතාව මේ වනවිට 30% දක්වා අඩුවී තිබේ.
අද (12) ජාතික ජලම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේ, දිවයින පුරා ක්‍රියාත්මක ජලසම්පාදන මෙහෙයුම් 344 අතුරින් 20ක පූර්ණ කාලීන ජලය ලබාදීම අත්හිටුවා මුර ක්‍රමයට ජලය ලබාදීමේ කටයුතු ආරම්භ කර ඇති බවය.
කුරුණෑගල, හෙට්ටිපොළ, නිකවැරටිය, වාරියපොළ, මාතර - ඌරුබොක්ක, හම්බන්තොට - බෙලිඅත්ත, මුරුතවෙල, තංගල්ල, වලස්මුල්ල, අක්කරෛපත්තු, පොතුවිල්, තිරුක්කෝවිල්, මොණරාගල - බිබිලේ, අඹගස්දූව, බණ්ඩාරවෙළ, බෝගහකුඹුර, හල්දුමුල්ල, කන්දෙකැටිය, සීලතැටිය, අමුණුකැලේ, කැප්පෙටිපොළ යන ජලසම්පාදන ක්‍රමවල මෙලෙස මුර ක්‍රමය යටතේ සීමා සහිතව ජල සම්පාදනය සිදුකරනු ලබයි.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙසය