දිස්ත්‍රික්ක කිහිපයක 39,000කට අධික පිරිසක් ජල හිඟයෙන් පීඩාවට
Water Cut
Heat wave
Water
Disaster Aid
Disaster Management Centre
By R.rishma
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක 39,000කට අධික පිරිසක් ජල හිඟයෙන් පීඩාවට පත්ව ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.
පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීම සඳහා මේ වනවිට පියවර ගනිමින් සිටින බව එහි මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අනුරාධපුර, පොලොන්නරුව, මුලතිව් සහ කිලිනොච්චි ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට ජල හිඟයෙන් බලපෑම් එල්ල වී තිබේ.
ජල අවශ්‍යතාවයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි.