පැය 20ක ජල කප්පාදුවක් - ප්‍රදේශ මෙන්න..
Sri Lanka
Water Cut
Water Board
By Sewvandhi
ප්‍රදේශ කිහිපයකට හෙට (13) පෙ.ව 10.00 සිට අනිද්දා (14) පෙ.ව 6.00 දක්වා ජල සැපයුම අත්හිටු වන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
පැලැන්වත්ත, කනත්ත පාර, පොම්පාගාරයේ සිදුකරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
ඒ අනුව ගොරකපිටිය, සිද්ධමුල්, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම - පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර හා ඊට අදාළ සියලුම අතුරු මාර්ගවල මෙලෙස ජල සැපයුම අත්තිටුවනු ලැබේ.