හෙට දිනයේ පැය 8ක ජල කප්පාදුවක් සිදු කරන ප්‍රදේශ

By Sewvandhi Dec 11, 2021 09:44 AM GMT
Report

හෙට (12) දින පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 8ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ, මාලිම්බඩ ජල පිරිපහදුවේ සිට දියගහ ජල තටාකය වෙත ජලය පොම්ප කරන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ, දියගහ, කැකණදුර, වෙහෙරහේන, ගන්දර, කෝට්ටගොඩ, කුඩාවැල්ල, දික්වැල්ල සහ රත්මලේ යන ප්‍රදේශයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW