අඹතලේ - බියගම ජල පිරිපහදුත් නවතී

Power Cut Today Water Cut Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 17, 2026 08:56 AM GMT
Report

විදුලිය බිඳවැටීම හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පවිත්‍රාගාරවල ජල පිරිපහදු කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් ජල සැපයුමට බාධා ඇති විය හැකි බැවින්, පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම, මෙම තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අපහසුතා සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කරන බව ද එම මණ්ඩලය සඳහන් කරයි.

සම්ප්‍රේෂණ ජාලයේ ඇති වූ ප්‍රධාන පද්ධති දෝෂයක් හේතුවෙන් අද (17) පෙරවරු 11.45ට පමණ දිවයිනේ විදුලි සැපයුම බිඳවැටී තිබේ.

මේ අතර, නැවත දැනුම් දෙන තුරු වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති විසන්ධි කර, විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර හදිසි විදුලි බිඳවැටීමෙන් පසු විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.