පැය 14ක ජල කප්පාදුවේ දිනය වෙනස් වෙයි

Sri Lanka Water Board
By Sithumi Oct 21, 2022 04:40 PM GMT
Report

කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

22 වන සෙනසුරාදා රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණි.

ඒ, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලටය.

කෙසේවෙතත් මේ වනවිට අදාළ ජල කප්පාදුව සිදුකිරීම අත්හිටුවා තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now