දැන් ජල සැපයුමටත් බාධා? ජනතාවට විශේෂ දැනුම්දීමක්
Power cut Sri Lanka
Sri Lanka
Water Cut
Latest Headlines
Sinhala news
By R.rishma
දිවයින පුරා වාර්තා වී ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් ජල සැපයුම් මෙහෙයුම්වලට බාධා එල්ල විය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි.
ඒ අනුව, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස මණ්ඩලය සියලුම පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
විදුලි සැපයුමේ බිඳවැටීම් හේතුවෙන් ජල පිරිපහදු සහ බෙදාහැරීමේ කටයුතුවලට බලපෑම් ඇතිවීමේ හැකියාව සැලකිල්ලට ගනිමින් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
මේ අතර, පවතින තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවිය හැකි ඕනෑම අපහසුතාවක් සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සිය කණගාටුව පළ කර ඇත.