අද කැපෙන ජල කප්පාදුව - සම්පූර්ණ විස්තරය මෙතනින්.
Colombo
Sri Lanka
Water Cut
Water Board
Water
By krishani
අද (07) කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
ඒ අනුව කොළඹ 11,12,13,14,සහ 15 යන ප්‍රදේශවලට පස්වරු 5.00 සිට හෙට (08) උදෑසන 8 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබයි.
මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබන්නේ අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ය.