කොළඹට පැය 16ක් ජලය කපා දමයි.. එම ප්‍රදේශ මෙන්න..

Colombo Water Cut Water Board Water
By Aruna Jun 23, 2023 02:50 AM GMT
Report

හෙට (24) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව,

 කොළඹ 11

කොළඹ 12

කොළඹ 13

කොළඹ 14

කොළඹ 15

යන ප්‍රදේශ සඳහා පෙරවරු 8.00 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

මෙලෙස ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ, අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් බවයි පැවසෙන්නේ.