දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න.
මහනුවර ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ, අද පෙරවරු 09 යේ සිට පස්වරු 05 දක්වායි.
කොණ්ඩදෙනිය, කුළුගම්මන, නුගවෙල, රජපිහිල්ල, මැදවල, කුරුගොඩ සහ තෙලඹුගහවත්ත ජලාශ මඟින් ජලය සපයන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවනවා.
කටුගස්තොට, යටිවාවල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස අද පෙරවරු 09 යේ සිට පැය 08 ක ජල කප්පාදුවක් සිදුකරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.
මේ අතර මාතර ප්‍රදේශ කිහිපයකට ද අද දිනයේ පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ, පෙරවරු 10 යේ සිට පස්වරු 06 දක්වායි.
එම කාලය තුළ මඩිහ, කඹුරුගමුව, කොටවිල, හේනේවල, මිරිස්ස, වැව්හමන්දූව සහ ගාලුපාරේ කඹුරුගමුවේ සිට මිරිස්ස දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවනවා.
මාලිම්බඩ ජල ටැංකියේ සිට ඉසදින් නගර ජල ටැංකියට ජලය රැගෙන එනු ලබන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම ප්‍රදේශවලට අද පෙරවරු 10 යේ සිට පස්වරු 06 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |