ප්‍රදේශ රැසකට අද හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ මෙන්න.

Sri Lanka Water Cut
By Aruna Nov 13, 2022 12:06 AM GMT
Report

ගම්පහ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද පැය 08යි මිනිත්තු 30ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

ඒ, අද පෙරවරු 8යි 30 සිට පස්වරු 5 දක්වායි. ඒ අනුව එම කාලය තුළ පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

ඊට අමතරව කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සදහා මෙන්ම ගම්පහ ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටසකටද ජල සැපයුම අත්හිටුවෙනවා.

විදුලිබල මණ්ඩලයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් හෙට පෙරවරු 8යි 30 සිට පස්වරු 5 දක්වා බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම අත්හිටුවීම ඊට හේතුව වූ බවයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now