පැය 14ක ජල කප්පාදුවක් හදිසියේම නතර කරයි..එම ප්‍රදේශ සියල්ල මෙන්න.

Colombo Sri Lanka Water Cut
By Aruna Oct 22, 2022 02:09 AM GMT
Report

කොළඹ 02 සිට 10 දක්වා ප්‍රදේශවලට අද රාත්‍රී 10 සිට පැය 14 ක කාලයක් සිදුකිරීමට නියමිතව තිබූ ජල කප්පාදුව අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි.

ජල කප්පාදුව සිදු කිරීමට නියමිත වුයේ,

කොළඹ 02

කොළඹ 03

කොළඹ 04

කොළඹ 05

කොළඹ 07

කොළඹ 08

කොළඹ 09

කොළඹ 10

යන ප්‍රදේශ සඳහා යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now