ජල ගාස්තු ඉහළට..? ජල සම්පාදන මණ්ඩලය කියන කතාව..

Sri Lanka water board water bill Nishantha Ranathunga Irigation departnment
By Sewvandhi Mar 19, 2022 10:41 AM GMT
Report

ජල සම්පාදන මණ්ඩලයේ වියදම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා පවසනවා.

ඒ අනුව ජල සම්පාදන මණ්ඩලයේ තවත් ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුම පෙන්වා දෙන්නේ වසර 10 කින් පමණ ජල ගාස්තු වැඩි වීමක් සිදු නොකළ නිසා ඉදිරියේ දී ජල ගාස්තු ඉහළ නැංවීමක් කළ යුතුව පවතින බවයි.

නමුත් නිශාන්ත රණතුංග මහතා පැවසුවේ ජල සම්පාදන මණ්ඩලයේ වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබුණත් ජල ගාස්තු නැංවීම පිළිබඳව මෙතෙක් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බවයි.

ඔහු තවදුරටත් පවසා සිටියේ ජල සම්පාදන මණ්ඩලයේ අනෙකුත් වියදම් සීමා කර ගැටලුවට විසඳුම් සපයා ගත හැකි ද යන්න පිළිබඳව අධ්‍යයනය කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now