ඇමති වාසු සුපිරි වාහෙන් පුංචි කාරෙකට වැටෙයි..හදිසියේ තීරණයක් ගනී...
Sri Lanka
Political
Wasudeewa nanayakkara
Water supply ministry
By Aruna
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී වාහන සහ නිල නිවාස සියල්ලම අද දිනයේ ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බී. වික්‍රම මහතාට භාර දී තිබෙන බව වාර්තා වනවා.
මේ සම්බන්ධයෙන් අප ගරු අමාත්‍යතුමාගෙන් විමසන අවස්ථාවේදී එතුමා සදහන් කළේ, එය නිවැරදි බවත්, තම පවුලේ සහෝදරයකුගෙන් ලබා ගන්නා පෞද්ගලික කුඩා රථයක් ඉදිරියට භාවිතා කරන බවත්ය.
එම කුඩා කාර් රථය මෙන්න.
තමන් අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත්වීමත් නිසා තව දුරටත් වාහන සහ අනෙකුත් අමාත්‍යංශයේ පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එලැඹි බව වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |