වාසු ඇමතිකමෙන් ඉල්ලා අස්නොකළ හේතුව බැසිල් කියයි...විමල්-උදය ගැනත් අමුතු කතාවක්.
Political
Udaya gammanpila
Wasudewa nanayakkara
Basil Rajapakshe
Wimal weerawansha
By Aruna
වාසුදේව නානායක්කාර මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔහු ද ඉල්ලා අස් වනු ඇතැයි යන අදහසින් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.
ඊයේ පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු හමුවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
කෙසේවෙතත් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍ය ධුරයෙන් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් මුදල් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
ඔවුන් ඉවත් වූවා කියා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නැතැයි ද මුදල් අමාත්‍යවරයා පවසා ඇත.
තමනට බනින අය විවේචනය කරන අය සතුරන් නොවන බවද පසු පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා ඉවසීමෙන් වැඩ කරන ලෙසත් අග්‍රාමාත්‍ය තුමා ගෙන් දේශපාලන ඉවසීම ගැන ඉගෙනගෙන ගත හැකි බවත් තව දුරටත් සඳහන් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |