අන්තරේ වසන්ත සහ සිරිධම්ම හිමි ගැන අධිකරණයෙන් සුවිශේෂී නියෝගයක්..!

Sri Lanka Galle Face Green Protest Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Nov 16, 2022 12:56 PM GMT
Report

මේ වනවිට රැඳවුම් නියෝග යටතේ රඳවා සිටින වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට කොමිපඤ්ඤවීදිය පොලීසිය කළ ඉල්ලීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) අවසර ලබාදුන්නේය.

2022 අගෝස්තු මස 19 වනදා පැවති උද්ඝෝෂණයේදී අධිකරණ නියෝග නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ලෙස ඔවුන් නම්කිරීමට අවසර ඉල්ලා සිටි පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය.

කැලණිය විශ්ව විද්‍යාලයේ සිට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණි උද්ඝෝෂණ පාගමනේ සැකකරුවන් 16 දෙනෙක් ඇප මත මුදාහැර සිටී. තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගැනීමට මෙහිදී පොලීසිය අවසර ඉල්ලා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now