අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සම්බන්ධයෙන් නුවරඑළියේ පැවැත් වූන විශේෂ වැඩසටහන..

Sri Lanka
By krishani Jan 24, 2023 10:14 AM GMT
Report

වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බල කරමින් දිවුරුම් ප්‍රකාශ සටහන් කර ගැනිමේ වැඩසටහනක් අද (24) නුවරඑළියේ ප්‍රධාන බස් නැවතුම්පොළ පරිශ්‍රයේ දී පැවැත්විණ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අඛණ්ඩව දින 159ක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහා නිදහස් කරන ලෙස බල කරමින් දිවුරුම් පෙස්සමක් සඳහා එහි දී අත්සන් ලබා ගැනිම සිදු කෙරිණ.

එය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන් විසින් සංවිධානය කර තිබිණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join