වසන්ත මුදලිගේ අධිකරණයට..

Sri Lanka
By krishani Dec 13, 2022 07:04 AM GMT
Report

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා අද (13) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට යළි රැගෙනවිත් ඇත.

වසන්ත මුදලිගේට එරෙහි නඩුවක් අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර එයට ඉදිරිපත් කිරීමට ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙනවිත් ඇත.

වසන්ත මුදලිගේ ඊයේ දිනයේද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔහුව අද දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join