වසන්ත මුදලිගේ ගැන ජනපතී කී ආන්දෝලනාත්මක ප්‍රකාශය..

Ranil Wickremesinghe President of Sri lanka
By krishani Nov 25, 2022 01:22 AM GMT
Report

කිසිදු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු තම රජය මේ වන විට අත්අඩංගුවට ගෙන හෝ රඳවාගෙන නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (24) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය.

ඒ මහතා සඳහන් කළේ, වසන්ත මුදලිගේ යනු මේ වනවිට කිසිදු අයුරකින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු නොවන බවත් ඔහු දැනට අවුරුදු 08ක් තිස්සේ සරසවි අධ්‍යාපනයේ පසුවීමම විහිළුවක් බවත් ය.

තමන් ද විශ්වවිද්‍යාල අධ්‍යාපනය වයස අවුරුදු 21ක් වනවිට අවසන් කළ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join