වසන්ත මුදලිගේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද ලැබුණු සුවිශේෂී නියෝගය..!

Sri Lankan protests Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Nov 10, 2022 09:23 AM GMT
Report

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) අතුරු නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ හි 12(1), 13(1) සහ 13(2) වගන්ති යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩ කිරීම සම්බන්ධයෙන් වන මූලික අයිතිවාසිකම් පෙස්සම ඉදිරියට ගෙන යාමට අවසර දීමට විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් තීරණය කළ බව සඳහන්.

වසන්ත මුදලිගේ මේ වන විටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යි රඳවාගෙන සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now