ජනපති පුත්‍රයාට තුර්කියෙන් වරෙන්තු..

Turkey Accident Somalia
By Sewvandhi Dec 10, 2023 01:33 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

තුර්කිය විසින් සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයාට චෝදනා එල්ල වී ඇති බවය.

 එනම්, සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයා තුරුකියේ ස්ථාන්බුල්හි දී මෝටර් රථයක් ධාවනය කරමින් යතුරු පැදිකරුවෙකු අනතුරට ලක්කර පළාගොස් තිබුණි.

සෝමාලියානු කොන්සල් කාර්යාලයට අයත් මෝටර් රථයක් එලෙස ධාවනය කර අනතුර සිදුකර ඇති බව සඳහන්ය. තුර්කිය විසින් සෝමාලියානු ජනාධිපතිවරයාගේ පුත්‍රයාට සංචාරක තහනමක් පැනවුව ද ඔහු රටින් පළාගොස් ඇති බව වාර්තා වෙයි.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමුද්ගේ පුත්‍ මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැති බව සඳහන්ය.