රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තු

Sri Lanka Police Dr Rajitha Senaratne Law and Order Latest Headlines Sinhala news
By R.rishma Aug 12, 2025 07:58 AM GMT
Report

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් සිදුකරන විමර්ශනයක සැකකරුවකු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (12) වරෙන්තු නිකුත් කර ඇත.

සැකකාර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ ලබාදීමෙන් වැළකීමෙන් විමර්ශනවලට බාධා කරන බවට අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේය.