දිස්ත්‍රික්ක තුනකට අනතුරු ඇඟවීම්.

Weather
By Wayomi Oct 31, 2022 09:26 AM GMT
Report

 පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරනවා.

ඒ, අනුව කෑගල්ල, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම පවතින බවයි ඔවුන් සඳහන් කරන්නේ.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, මෙම අවදානමක් සහිත දිස්ත්‍රික්කයන්හි කඳු, බෑවුම් ආශ්‍රිතව සහ නායයෑමේ හැකියාවන් ඇති ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් අවදානයෙන් සිටිය යුතු බවයි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW