චර්ම රෝග බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් පවතින බවට අනතුරු ඇඟවීමක්
Ministry of Health Sri Lanka
Latest Headlines
Disease
Sinhala news
Puwath.lk
By R.rishma
චර්ම රෝග මේ වනවිට බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවසති.
චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සායන වෙත පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ පැහැදිලි ඉහළ යාමක් දක්නට ලැබෙන බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය සඳහන් කළාය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළ අතර, චර්ම රෝග සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නාය.