බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් ගෙන් ඔමික්‍රෝන් ගැන අනතුරු ඇඟවීමක්..

By Sithumi Dec 12, 2021 02:24 PM GMT
Report

එක්සත් රාජධානියේ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතයන් කිහිපදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව කැබිනට් අමාත්‍යවරයෙක් පළමු වරට තහවුරු කර තිබේ.

ලන්ඩනයෙන් හඳුනාගන්නා නව ආසාදිතයන්ගෙන් තුනෙන් එකක් නව ප්‍රභේදය ආසාදිතයන් බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන්ය. සංචරණ සීමා පනවමින් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනයට පියවර නොගන්නේනම් බ්‍රිතාන්‍යයට ජනවාරියේදී වසංගතයේ නව රැල්ලකට මුහුණදීමට සිදුවනු ඇති බව එරට විද්‍යාඥයින් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ එම ප්‍රභේදය අප්‍රේල් අග දක්වා ඉදිරි මාස පහ තුළ එංගලන්තයේ 25,000ත් 75,000ත් අතර කොවිඩ් මරණ සංඛ්‍යාවකට හේතුවිය හැකි බවය.

මේ මස අවසානය වනවිට ඔමික්‍රෝන් බ්‍රිතාන්‍යයේ ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වනු ඇති බවටත් විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now