දරුවන්ගේ ගමන් බිමන් ගැන සැලකිලිමත් වන්න..! පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..

By Sewvandhi Feb 14, 2022 07:52 AM GMT
Report

තරුණ පිරිස් මුලා කරමින් හා විෂ මත්ද්‍රව්‍ය භාවිත කරමින් අද දිනයේ සංවිධාන කර ඇති සැකසහිත සාද වටලන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස් මූලස්ථානය දැනුම් දී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ, එවැනි ස්ථාන හඳුනාගැනීම සඳහා පොලිස් බුද්ධි නිලධාරීන්ද යොදවා ඇති බවයි.

එසේම තම තරුණ දූ දරුවන් අද දිනයේ සිදු කරන ගමන් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ට දැනුම් දුන්නා.

මේ අතර අනුරාධපුර - දහයියාගම ප්‍රදේශයේ හෝටලයක පැවති සුපිරි පැලැන්තියේ මත් සාදයක් වටලා පුද්ගලයින් 7 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන ගනු ලැබුවේ පෙරේ දා දිනයේදි යි.

එහි දී ඔවුන් සතු ව තිබී විෂ මත්ද්‍රව්‍යය ද සොයාගනු ලැබුවා. මෙම සාදයට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ද සහභාගි වී ඇති අතර, ඔහු වැටලීමට පෙර එම ස්ථානයෙන් පිටත් ව ගොස් ඇති බව සඳහන්.

එමෙන්ම මුහුණු පොත හරහා මහනුවර ප්‍රදේශයේ හෝටලයක සංවිධාන කර තිබූ සාදයක් ද පෙරේදා පොලිසිය වැටලූ අතර එහි දී කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 36 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ විෂ මත්ද්‍රව්‍යය ද සමඟින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now