පුටින්ගේ බිහිසුණු මල්ල මුල්වරට එළියට - අතිශය දුර්ලභ දසුන කැමරාවට හසුවෙයි - (VIDEO)

Vladimir Putin Russo-Ukrainian War Russia
By Sewvandhi Oct 19, 2023 06:03 PM GMT
Report

රුසියානු මාධ්‍යය චීනයේ පැවැත්වෙන එක් තීරයක් - එක් මාවතක් සමුළුවට පැමිණි රුසියානු ජනාධිපති පුටින් සහ චීන ජනපති ෂි ජින්පින් අතර පැවැති හමුවක් සඳහා රුසියානු ජනාධිපතිවරයා ගමන්ගන්නා අවස්ථාවේදී ආරක්ෂක අංශ සමාජිකයෙකු න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල රැගෙන යන දුර්ලබ දසුනක් වාර්තා කර තිබුණි.

මෙම න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල "චෙගෙට්" නමින් හඳුන්වන අතර සම්ප්‍රදායිකව ජනාධිපතිවරයා සමගින් රැගෙන යනු ලබන්නේ රුසියානු නාවික නිලධාරියෙකු විසිනි.

රුසියානු ජනාධිපතිවරයා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම මෙම  න්‍යෂ්ටික අවි පාලක ගමන් මල්ල රැගෙන යනු ලබන නමුත් එය රූපගත කිරීම විරල සිද්ධියකි.

  මෙම ගමන් මල්ල තුළ ඇති සන්නිවේදන උපාංග හරහා ජනාධිපතිවරයාට ඔහුගේ හමුදා ප්‍රධානීන් අතිශය රහසිගතව සම්බන්ධකරගත හැකිය.  එහි ප්‍රධාන කාර්ය වන්නේ ජනාධිපතිවරයාට න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීම සඳහා අනුමැතිය ලබාදීමට හැකිවීමය.