විශිෂ්ට ජයකින් රුසියාවේ ජනාධිපති පුටුවට ආ ප්‍රබලයා - රුසියානු ඉතිහාසයම අලුත් කරයි.. (PHOTOS)
රුසියානු ජනාධිපතිධුරය සඳහා නැවත වරක් ව්ලැදිමීර් පුටින්ට තේරී පත්ව තිබෙනවා.
පෙර ඡන්ද ප්‍රතිඵල අනුව 87%ක අති විශිෂ්ට ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මොහු පස්වැනි වරටත් රුසියාවේ ජනාධිපතිධුරයට හිමිකම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම ඉහළ ප්‍රතිශතය රුසියාවේ සෝවියට් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම ප්‍රතිඵලය වේ.
2024 රුසියානු ජනාධිපතිවරණය ආරම්භ වුයේ පසුගිය 16 වනදා වන අතර විදේශයන්හි සිටින රුසියානුවන්ට ද එම රටවල රුසියානු තානාපති කාර්යාලය වෙත ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී තිබුණේ ය.
එමෙන්ම, කලාප 29ක පළමු වරට ඡන්දය පාවිච්චි කරන්නන්ට මාර්ගගත ක්‍රමයට ද ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ම විශේෂත්වයක් වේ.
ව්ලැදිමීර් පුටින් යනු 2000 වසරේ සිට රුසියාවේ බලය හොබවන 71 හැවිරිදි ජනාධිපති වේ.
මොහු 2004, 2012 සහ 2018 වසරවලදී නැවත තේරී පත් වූ අතර ඒ වසර 4ක ධුර කාල දෙකක් සහ වසර 6ක ධුර කාල දෙකක් ලෙසින් ය.
කෙසේ වෙතත්, 2021 වසරේ දී ජනපති පුටින් අත්සන් තැබූ නියෝගයකට අනුව ඔහුට තවත් ජනාධිපතිධුර කාල දෙකකට තරග කළ හැකි වූ අතර ඒ අනුව ජීවත්ව සිටියොත් 2036 වසර වනතුරු ඔහුට රුසියානු ජනාධිපතිධුරය දැරීමේ අවස්ථාවක් ද පවතින බව සඳහන් වේ.