රුසියානු ජනපති පුටින් යුක්‍රේනයේ හදිසි සංචාරයක

Vladimir Putin Ukraine
By Sewvandhi Mar 19, 2023 02:58 PM GMT
Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයේ මරියුපෝල් (Mariupol) නගරයේ හදිසි සංචාරයක නිරත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම ප්‍රදේශයේ රුසියානු ජනාධිපතිවරයා මෝටර් රථයක් පදවාගෙන යමින් ජනතාව සමග කතා බස් කරන අයුරු දැක්වෙන අතර අදාළ දර්ශන ලබා ගෙන ඇත්තේ කවදා ද යන්න සඳහන් කර නොමැති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ජනාධිපතිවරයාගේ එම සංචාරය සඳහා රුසියාවේ නියෝජ්‍ය අගමැති මරාට් කුස්නුලින් (Marat Khusnullin) එක්ව ඇති අතර ඔහු විසින් මරියුපෝල් නගරය නැවත ගොඩනගන ආකාරය ද එහිදී පැහැදිලි කර ඇති බව සඳහන්.

එමෙන්ම මරියුපෝල් (Mariupol) නගරයට නැගෙනහිරින් පිහිටි Rostov-on-Don හිදී රුසියානු ජනාධිපතිවරයා ඉහළ පෙළේ හමුදාපතිවරුන් හමුවී ඇති බව ද වාර්තා වනවා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now