වීසා 17 න් දෙන්න පුළුවන් එකක් විතරයි. - වීසා නිකුත් කිරීම ගැන මෙන්න ඇහෙන අලුත්ම ආරංචිය.

Ministry of Defense Sri Lanka Sri Lanka visa Passport
By Wayomi Aug 04, 2024 12:01 PM GMT
Report

උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හමුවේ මෙරට වීසා නිකුත් කිරීම පිළිබඳව මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා අද (4) ප්‍රකාශයක් සිදු කර සිටියා.

ඒ, උද්ගතව ඇති ගැටලුකාරී තත්වය හේතුවෙන් ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා (ඔන් එරයිවල් වීසා) පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් අධිකරණ තීන්දුව අධ්‍යනය කර හෙට දිනයේ ඉදිරිපියවර ගැනීමට නියමිත බවත්ය.

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.

රනිල්-දිනේෂ්-සජිත්-අනුර වත්කම් ප්‍රසිද්ධ කරයි. ? - මෙතෙක් සේප්පුවක තැන්පත් කරපු වත්කම් වලට කළ දේ.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වීසා නිකුත් කිරීම විදේශ සමාගම් හරහා ක්‍රියත්මක කිරීම බල රහිත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පැනවීමත් සමඟ වීසා නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බවත් වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රමයක් නොමැති බවත්ය.

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නමත් තියෙනවාද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි.

2024 ඡන්ද නාමලේඛනයේ ඔබේ නමත් තියෙනවාද කියලා හරියටම බලාගන්නේ මෙහෙමයි.


ඒ, අනුව දින 30 ක් පමණක් වලංගු ගුවන් තොටුපළ පැමිණි පසු නිකුත් කරන වීසා පමණක් නිකුත් කිරීමේ හැකියාව ඇති බවත් තහනමට ලක්වූ නව වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය තුළන් වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් ඔහු තවදුරටත් සඳහන් කරනවා.

මාස 6 ක, වසර දෙකක, වසර තුනක ලෙස එම වීසා වර්ග 17 ක් නිකුත් කළ බවත් දුරකථන සමාගමක් පවසන ආකාරයට එම වීසා නිකුත් කිරීමේ යෝජනාවක් නොතිබුණු බවත් සඳහන්.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

2025 වසරේ රජයේ සහ බැංකු නිවාඩු ගැසට් කරයි. - නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.


රටක වීසා නිකුත් කිරීම නතර කළ නොහැකි ක්‍රියාවලියක් බැවින් කිසියම් හෝ ක්‍රමවේදයකට එය ක්‍රියාත්මක කළ යුතු බව කී වියානි ගුණතිලක කියා සිටියේ අදාල දුරකථන සමාගම සමඟ හෝ කටයුතු කිරීමට සිදුවන බවත්ය.     

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.

කාන්තාවන්ටත් බේරිලි බොරු පිරිමි හිංසනය වෙනුවෙනුත් මෙරට ක්‍රියාත්මක අලුත්ම නීතිය මෙන්න. - එය ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.