ප්‍රසංගයක් අතරතුර කලිසම ගැලවූ ගායකයා..

China
By Sewvandhi Aug 02, 2023 11:57 AM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

රොක් සංගීත ප්‍රසංගයක් අතරතුර සිය කලිසම ගලවා පහතට දැමූ ගායකයකු උතුරු චීනයේ බලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ කලිසම ගලවා ඇත්තේ, Violent Shampagne සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා බවයි වාර්තා වෙන්නේ.

 සැකකරු සමාජ සදාචාරයට හානි කිරීම යන චෝදනාව මත අත්අඩංගුවට ගත් බවයි, චීන සමාජ මාධ්‍යවල මෙම වීඩියෝ පටය ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර, ඉකුත් සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින්, Shijiazhuang නගරයේ ප්‍රාදේශීය සංස්කෘතික කාර්යාංශය පවසා ඇත්තේ.

මේ අතර, සංදර්ශන සංවිධායකට ඩොලර් 28,000ක දඩයක් සහ ප්‍රසංග පැවැත්වීම අත්හිටුවා ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

වසර ගණනාවක් කොවිඩ් වසංගත හේතුවෙන් චීනය අගුලු දැමුණු නමුත් මෑතක දී සජීවී සංගීත සංදර්ශන නැවත ඇරඹීම ගැන චීනයේ සංගීත ලෝලීන් පසුවූයේ දැඩි සතුටකිනි.

නමුත් පිළිගත නොහැකි, සදාචාරාත්මක සීමාවන් ඉක්මවා යන බව පෙනෙන ඕනෑම දෙයක් පිළිබඳ බලධාරින් විමසිල්ලෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.