විනුගේ උපන්දිනය වෙනුවෙන් ඇයගේ ආදරණිය සැමියා දුන් කෝටි ගානක් වටිනා තෑග්ග මෙන්න. (PHOTOS)

By Sithumi Mar 19, 2022 05:46 PM GMT
Report

විනූ සිරිවර්ධන කියන්නේ නිරන්තරම ටෙලි තිරයේ දැකගන්න ලැබෙන චරිතයක්. ඒ වෙළද දැන්වීම් වලින් සහ රූපවාහිනී වැඩ සටහන් තුලින් ඇය නිතරම රංගනයේ යෙදෙන කෙනෙක් නම් නෙවෙයි. 2012 මිස් ශ්‍රී ලංකා කිරුළ දිනා, පසුව නිරුපන ක්ෂේත්‍රයට යොමු වූ ඇය මුලින්ම නිලියක් ලෙස අප දකින්නේ දෙරණේ පිපෙන මල් තුළිනුයි..

නමුත් ඇය පේක්ශකයන්ගේ ආදරය හා ජනප්‍රියත්වය ලබා ගැනිමත් සමත් වෙන්නේ “තරුමලි” ටෙලිනාටය හරහායි. විනූ කියන නම කියපු ගමන්ම බොහෝ දෙනාට මතක් වෙන්නේ ඇයගේ කම්මුල් දෙකයි. බොහෝ තරුණයන්ද ඇයට ආදරේ ඒ නිසාවෙනි. ඒ වගේම බොහෝ තරුණයන් වශී වී සිටින්නේ ඇගේ තියෙන සරල කමට හා සුන්දරත්වයට කියලා තමයි ඇය නම් කියන්නේ.

මෑතකදී විනූ විවාහා වුණා. ඇයගේ අතිනත ගත්තේ ආචාර්යවරයකු වන කසුන් ලියනගේ විසින්.ඇත්තෙන්ම ඔහු කෝටිපති තරුණයෙක්.විනූ නම් ඒ ගැන කීවේ ඇය වැඩියෙන්ම බැලුවේ තමාගේ සහකාරය ඇත්තටම තමන්ට ආදරය කරන හා ඇයව හොඳින් රැක බලා ගන්නා අයෙකුද යන්න පමණක් බවයි.

ඔහුගේ වත්පොහොසත්කම් ඇය තැකීමක් කලේ නෑලු.ඉතින් විවහා වුනෙන් පස්සේ නම් අපට විනුව වැඩිය ටෙලි තිරයේ ද්කගන්න්ට නම් ලැබුනේ නෑ. ඉතින් ඔවුන් විවහා දිවිය හරිම සතුටින් ගෙවන බවයි අපට දැනගන්නට ලැබුනේ ඉතින් මේ ආදරණීය යුවල දිහා බලන ඕනෑම කෙනෙකුට වැටහෙනවා.

විනු විවාහ වුනේ කථිකාචාර්ය වරයෙකු සමඟයි..ඔහු ආර්ථික විද්‍යා ගුරුවරයෙක්ද වනවා.ඔහු නමින් කසුන් ලියනගේ.ඉතින් විවාහයෙන් පස්සෙනම් වැඩිය කළා නිර්මාණ තුලින් අපට දකින්නට ලැබෙන්නේ නැහැ.හැබැයි ඒ සැමියාගෙන් දාන තහංචි නිසා නම් නෙවෙයි.විනු නම් කියන්නේ මොන දේ කලත් විවාහ දිවියකට එලබුන කෙනෙක් ඒ ගැන වැඩිපුර හිතන්න ඕනි කියලයි

.ඉතා නිවුණු, මිත්‍රශීලී තරුණයකු වන ඔහු ඇයගේ වැඩ කටයුතු වලට ද නිතර සහය වන, ඇයව තේරුම්ගත් සැමියකු බවයි විනූ කියා සිටියේ. ඒ වගේම මේ ආදරණීය යුවල පසුගිය දිනවල විවිධ වූ රූපවාහිනී වැඩසටහන් තුලින් ද අපට දක්නට ලැබුණා. එහිදී ඔවුන් දෙදෙනා කෙතරම් ආදරණීය, ගැලපෙන යුවළක් ද යන්න ඔබත් දකින්න ඇති.ඉතින් ඒ වගේම ඇයගේ ජීවිතයේ විවිධ වූ විශේෂිත දිනයන් අමතක නොකරන ඔහු පසුගිය දිනක මධ්‍යම රාත්‍රියේ ඇයව පුදුම කරවා තිබුණා.

ඒ ඇයගේ ජන්ම දිනය දවසේයි.ඉතින් එදින ඇයව පුදුම කරවමින්අයගේ ආදරණිය සැමියා යට කොටි ගානක් වටිනා මෝටර් රථයක් තෑගී කර තිබුනා ඉතින් එදින ඇයට කිසිදා අමතක නොවන උපන්දිනයක් වූ බවයි විනූ කියා සිටියේ.ඉතින් මේ සුරූපී රංගන ශිල්පිනිය විනූ සිරිවර්ධන ට අපිත් සුබ උපන්දිනයකට ආසිරි එක් කර සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now


GalleryGallery