වෙඩි කෑ නියෝජ්‍යය විදුහල්පති

Sri Lanka Police Sri Lanka
By Sewvandhi May 27, 2023 03:08 PM GMT
Report

අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට වෙඩිතැබීමේ සිද්ධිය පැතිකඩ 03ක් ඔස්සේ විමර්ශනය කිරීමට පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලීසිය සදහන් කරනවා.

පොලීසිය සදහන් කළේ, ඊයේ (26) බෙන්තර ප්‍රදේශයෙන් සොයාගත් අතහැරදැමූ යතුරුපැදියේ ඉදිරිපස මුහුණත කොටසේ ඇති ලේ පැල්ලම්වල සාම්පල් ලබාගෙන ඒ ඔස්සේද විමර්ශන සිදුකරන බවය.

වෙඩිතැබීමෙන් තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා කරාපිටිය ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now