ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී අභාවප්‍රාප්ත වෙයි
India
Death
Funeral
Sinhala news
S Janaki
By R.rishma
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ පසුබිම් ගායිකාවක් වූ එස්. ජානකී මහත්මිය මහලු විය හේතුවෙන් අභාවප්‍රාප්ත වූ බව ඇයගේ ඥාතීන් සඳහන් කර ඇත.
ඒ අනුව ඇය අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියේ පසු විය. දශක ගණනාවක් පුරා සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ එස්. ජානකී මහත්මිය ගීත 40,000කට අධික සංඛ්‍යාවක් ගායනා කර තිබෙන අතර, ඇගේ අද්විතීය හඬින් ලොව පුරා රසිකයින්ගේ ආදරය දිනා ගෙන ඇත.
දෙමළ සිනමාව ඇතුළු ඉන්දීය සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සංගීත අධ්‍යක්ෂවරුන් වන එම්. එස්. විශ්වනාදන්, ඉලයරාජා, ඒ. ආර්. රහ්මාන් ඇතුළු රචකයින් රැසක් සමඟ ගීත ගායනා කර තිබෙනවා.
දෙමළ, මලයාලම්, තෙළිඟු, හින්දි ඇතුළු භාෂා රැසකින් ගීත ගායනා කළ ඇය ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අමරණීය හඬක් ලෙස සැලකෙන අතර සිය සංගීත දායකත්වය වෙනුවෙන් ජාතික චිත්‍රපට සම්මාන හතරක් ඇතුළු සම්මාන රැසකින් ද පිදුම් ලබා ඇත.