පොලිසියට කඩුවකින් පහර දුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මරුට..!
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
වෙන්නපුව ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවූ සැකකරුවෙකු, වෙන්නප්පුව පේරගස්හංදිය ප්‍රදේශයේදී වැටලීමක් අතරතුර පොලීසිය විසින් එල්ලකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු පසුපස අද පස්වරුවේ මාරවිල පොලීසියේ නිලධාරීන් ලුහුබැඳ ඇත.
එහිදී මියගොස් ඇති සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහරදී ඇති අතර එම අවස්ථාවේදී පොලීසිය විසින් වෙඩිතැබීමකින් සැකකරු තුවාළ ලබා තිබෙනවා.
පොලීසිය පවසන්නේ පසුව තුවාළ ලැබූ සැකකරු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඔහු සමඟ සිටි අනෙක් සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |