වාහන තිබෙන අය මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

Business Mobile Sri Lanka Police Sri Lanka Electric Vehicle
By Aruna Jun 09, 2022 07:17 AM GMT
Report

කුලී පදනම මත වාහන ලබාගෙන ආපසු ලබා නොදී වංචා කිරීම සම්බන්ධයෙන් සිදුවීම් කිහිපයකට අදාළ සැකකරුවන් තිදෙනෙකු කිලිනොච්චිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27, 29 සහ 37 වයස්වල පසුවන පිළිමතලාව සහ දංතුරේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් තිදෙනෙකු බවයි පැවසෙන්නේ.

සැකකරුවන් තුන්දෙනා සමග මෝටර් රථ 5ක් වෑන් රථ දෙකක් සහ ජීප් රථයක් සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීට අදාළ සිදුවීම් 7ක් පිළිබඳ කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයට සහ මතුගම විශේෂ අපරාධ විමර්ශන අංශ වෙත වාර්තා වූ කරුණු අනුව කළ විමර්ශනයකදී යි.

සැකකරුවන් තිදෙනා අද (09) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now