තීරු බදු රහිත වාහන ගෙන්වන්න යයි..

Parliament of Sri Lanka Sri Lanka Politician Electric Vehicle Income Tax Department Department of Motor Vehicles
By Aruna Aug 20, 2023 03:42 AM GMT
Report

තීරු බදු රහිත වාහන ගෙන්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් දෙසීය විසිපහටම තීරු බදු රහිත වාහන ගෙන්වීමට පියවර ගන්නා ලෙස ඉල්ලිමක් සිදුකර තිබෙන බව වාර්තා වනවා.

නවක මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ, 2019 වසරින් පසු පැතිරගිය කොරෝනා වසංගතයත්, ආර්ථික අර්බුදයත් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර අහිමි වී ඇති බවයි.

2020 පැවැති මහ මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අසූවකට ආසන්න පිරිසකට එම හිමිකම අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

ලබන වසරේ (2024) බොහෝවිට මැතිවරණ වසරක් වීමට හැකි බවත් ඒ නිසා ගම්බිම්වලට යෑම ඒම සඳහා සුදුසු වාහනයක් නොමැති වීම නිසා මෙවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.