පාසල් නිවාඩුව සම්බන්ධයෙන් ඇමතිගෙන් ප්‍රකාශයක්...
පාසල් දරුවන්ට අහිමිවූ කාලය කළමනාකරණය කිරීම සඳහා අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටි කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) ප්‍රකාශ කළේය.
ප්‍රාථමික, ද්විතියික, උසස් පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් මේ වනවිට සැළසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසයි. අගොස්තු, දෙසැම්බර් නිවාඩු කෙටි කිරීම තුළින් අපේක්ෂා කරන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ලබාදීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
කොවිඩ් පැතිරීම හේතුවෙන් 2020 හා 2021 වසරේදී දරුවන්ට විශාල කාලයක් අහිමිවූ බවද අමැතිවරයා සිහිපත් කළේය.
ඉන්ධන අර්බුදය හමුවේ නාගරික පාසල් ප්‍රමාණයක් මෙම සතියේ නොපැවැත්වුවද ග්‍රාමිය පාසල් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට හැකිවූ බවත් ලබන සතියේ සිට පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවේ යැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |