හදිසියේම සුපිරි වාහන තොගයක් මෙරට ප්‍රදාන තැනකට ගෙන්වයි..
Sri Lanka
Vehicles
President office
By Aruna
පළාත් සභා සංචිත වල ඇති සුඛෝපභෝගී වාහන ජනාධිපති කාර්යාලය වෙත කැදවා ඇති බව වාර්තා වනවා.
දැනට වසර කිහිපයක් තිස්සේ පළාත්සභා විසුරුවා ඇති නිසා ඒවායේ මහ ඇමතිවරුන්, අමාත්‍යවරුන් භාවිතා කරන ලද වාහන මෙසේ කැඳවා ඇති බවයි පැවසෙන්නේ.
ආණ්ඩුවේ තනතුරු දරන සහ ප්‍රාදේශීය සභා සම්බන්ධීකරණ කමිටුවල සභාපති ධුරය දරන මන්ත්‍රීවරුන් සහ ආයතන ප්‍රධනීන් සඳහා වාහන ලබා දීම සඳහා මෙම කැඳවීම කර ඇති බවටයි වාර්තා වන්නේ.
දැනට වාහන ආනයනය නතර කර ඇති නිසා එම පිරිස් වෙත වාහන ලබා දීමේදී රජය අපහසුතාවයට පත්ව සිටින අතර එය කළමනාකරණය කර ගැනීම සඳහා මෙසේ වාහන කැඳවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |