වාහනයක් දවස් ගනන් මාස ගනන් එක තැන පල් වුණොත් මොකද වෙන්නේ?

Sri Lanka
By Wayomi Jun 10, 2022 08:01 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

මීට වසර කිහිපයකට පෙර වාහන වල මිල අඩු වීමත් සමඟ හැමෝම වගේ වාහන මිලදී ගත්තා. වැඩිපුර දෙනෙක් මිලදී ගත්තේ කාර්, වෑන්. හැබැයි මේවා ගත්තට සමහරු මේ ගෙවල් අස්සේ දාගෙන ඉන්නවා විතරයි. ඉඳලා හිටලා ගමනක් බිමනක් යන්න වාහනය එළියට දැම්මට. ඒ දවස්වල වගේම තමා දැන් මේ දවස්වලත්. ඉන්ධන අර්බුදය නිසා වාහන ගේ ඇතුලේ දාලා වැඩ යන්නේ, අනිත් ගමන් බිමන් යන්නේ පොදු ප්‍රවාහන සේවයේ. සාමාන්‍යයෙන් වාහනයක් දිගු කාලයක් එක තැන නවත්වලා තියනවා නම් ඒක හොඳ නැහැ කියලා තමයි සමහරු කියන්නේ. ඉතින් ඔබත් එහෙම කරන කෙනෙක් නම් මේ කරුණු ගැන සැළකිලිමත් වෙන්න.

?? වාහනේ හෝදල පිරිසිදු කරලා පාක් කරන්න. නැත්නම් වාහනයේ වදින සමහර පැල්ලම් වර්ග කාලයක් යද්දී paint එකට හානි කරන්න පුළුවන්.ඒ වගේම ඕක ඇතුලේ කෑම බීම ඉතිරි කරලා ගියොත් මීයෝ එහෙමත් බෝ වෙන්න පුළුවන්.

?? ඉන්ධන පුරවලාම පාක් කරන්න. වාහනේ දුවන්නේ නැත්තම් ඉන්ධන මොකටද කියලා හිතනවා ඇති.හැබැයි ගොඩක් ඉන්ධන අඩුවෙන් දිග කාලයක් වාහනෙ තිබ්බොත් ඉන්ධන ටැංකිය ඇතුලෙන් දිරන්න, මල මඳින්න පුළුවන්.

?? ටයර් වලට හොඳට හුලං ගහලා තියාගන්න. මන්ද මාසයක් විතර වාහනය එකම තැන තියෙද්දී ටයර් වල ෆ්ලැට් ස්පොට් නැත්තම් ටයර් වල මතුපිට යම් හානි සිදු විය හැකියි.

?? වාහනය දවස් ගනන් එකම තැන ගාල් කරලා තියෙද්දී එන්ජින් එකට මීයන් සහ අනෙකුත් සතුන් රිංගන්න පුළුවන්. ඒ වගේම වයර්, ෂීට් ඇතුළු අනෙක් දේවල් විනාශ කර දමන්න පුළුවන් බව මතක තියාගන්න. ඒ නිසා ඔවුන්ව පලවා හරින්න හෝ වාහනයට ඇතුල් නොවෙන්න වගබලාගන්න.

?? වාහනය වහලක් යට පාක් කරන්න නැත්නම් කවරයක් පාවිච්චි කරන්න. නැත්නම් අවුවට පිච්චෙනවා, වැස්සට තෙමෙනවා. ඊට පස්සේ වාහනය damage වෙනවා. - සතියට සැරයක් වත් වාහනේ ස්ටාට් කරලා, AC on කරලා විනාඩි 20ක්වත් තියන්න.

?? ආපසු වාහනෙ දුවන්න ලෑස්ති වෙද්දි බොනට් එක සහ අනෙක් සියල්ල ඇරලා පරීක්ෂා කරන්න.