2025ටත් වඩා 2026දී වාහන ආනයනය උඩට - අලුත්ම මහ බැංකු වාර්තාව මෙන්න
2026 ජූලි මාසයේදී ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි.
පෞද්ගලික සහ වාණිජ භාවිතය සඳහා ආනයනය කළ වාහන ඇතුළත් මෙම වියදම, 2026 ජුනි මාසයේදී වාර්තා වූ ඩොලර් මිලියන 182ට සාපේක්ෂව මාසයක් තුළදී 32%කින් පමණ ඉහළ ගොස් තිබේ.
මේ අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ මෙරටට වාහන ආනයනය කිරීම සඳහා වැය වූ සමස්ත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1,495ක් ලෙස වාර්තා වේ.
මහ බැංකු දත්ත අනුව, 2026 ජූලි මාසයේ වාහන ආනයන වියදම 2025 ජූලි මාසයට සාපේක්ෂව 19.6%කින් ඉහළ ගොස් තිබේ. එහිදී 2025 ජූලි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 188.1ක පමණ වියදමට සාපේක්ෂව 2026 ජූලි මාසයේ වියදම ඩොලර් මිලියන 224.9ක් පමණ වී ඇත.
තවද, 2025 වසර පුරා මෙරටට වාහන ආනයනය කිරීම සඳහා වැය වූ සමස්ත මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.04ක් ලෙස වාර්තා වී තිබේ.