2026 මුල් මාස හයේ වාහන ආනයන වියදම ඩොලර් මිලියන 1254ක්
Economy of Sri Lanka
vehicle imports sri lanka
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
2026 වසරේ පළමු මාස හය තුළ ශ්‍රී ලංකාවට මෝටර් රථවාහන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 1254ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන ඇතුළුව සමස්ත වාහන ආනයනය සඳහා වැය වූ මුදල මෙය බව මහ බැංකුව සඳහන් කරයි.
2025 වසරේ දෙවන මාස හය තුළ වාහන ආනයනය සඳහා වැය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1572ක මුදලට සාපේක්ෂව, 2026 මුල් මාස හයේ වියදම අඩු අගයක් ගෙන ඇති බවද වාර්තා වේ.
එමෙන්ම, 2026 ජූනි මාසයේදී පමණක් වාහන ආනයනය සඳහා වැය වූ මුදල සියයට 27.1කින් පහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 182ක් දක්වා අඩු වී ඇති බව මහ බැංකුව නිකුත් කළ වාර්තාවක දැක්වේ.