අහස උසට ගිය එළවළු මිල - තවදුරටත් මිල සටහන් වුණේ මෙහෙමයි..

Vegetables Vegetables Price Latest Headlines
By krishani Jan 08, 2024 02:18 AM GMT
krishani

krishani

in ආහාර
Report

මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ඉතා ඉහළ මට්ටමක මිල සටහන් වෙයි.

අහස උසට ගිය එළවළු මිල - තවදුරටත් මිල සටහන් වුණේ මෙහෙමයි.. | Vegetables Prices In Sri Lanka 7Th January 2024

ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඊයේ (07) එළවළු මිල සටහන් වුණේ මෙලෙසයි.

කැරට් කිලෝවක තොග මිල රුපියල් 600ක් ලෙස ද, තක්කාලි කිලෝවක් රුපියල් 400ක තොග මිලකට ද සඳහන් විය.

එමෙන්ම, ඊයේ බෝංචි කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර මිලකට අලෙවි වී තිබෙනවා.

අහස උසට ගිය එළවළු මිල - තවදුරටත් මිල සටහන් වුණේ මෙහෙමයි.. | Vegetables Prices In Sri Lanka 7Th January 2024

පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිරි සති හයක කාලය තුළ අලෙවි කර ගැනීමට නොහැකි තරම් විශාල එළවළු ප්‍රමාණයක් වෙළඳපොලට ලැබෙනු ඇති බවයි.

දිවයින පුරා පැවති අධික වර්ෂාවත් සමග වගාවන්ට දැඩි හානි සිදු විය.

ඒ හේතුවෙන් වෙළඳපොලට ලැබුණු අස්වැන්නේ අඩුවීමක් දක්නට ලැබුණු අතර මිල ද සීග්‍රයෙන් ඉහළ ගියේ ය.

Sponsored By Sarrita Jewellery

අහස උසට ගිය එළවළු මිල - තවදුරටත් මිල සටහන් වුණේ මෙහෙමයි.. | Vegetables Prices In Sri Lanka 7Th January 2024