පිළිකා සෛල විනාශ කරන එළවලු සහ පළතුරු.
අද වන විට පිළිකාව කියන්නේ අමුතු ලෙඩක් නෙවෙයි. භයානක ලෙඩක් වුණත් හැමෝම වගේ ගොදුරු කරගන්න ලෙඩක්. පුංචිම දරුවාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම පිළිකාවක් ඇති වෙන්න පුළුවන්. පිළිකාවක් පිළිලයක් කරගන්නේ අපි විහින්මයි.අපේ වැරදි ආහාර රටාවන්, දෛනික ජීවන රටාවන් හේතුවෙන්. එළවලු, පළතුරු වගා කිරීමේදී සහ ගබඩා කිරීමේදී පවා විෂ රසායනිකයන් එකතු කරනවා. ඒවා කෑවම ඉතින් අපි ලෙඩ වෙන එක අහන්නත් දෙයක්ද. හැබැයි මේ කියන්න යන්නේ පිළිකා සෛල විනාශ පුළුවන් ආහාර වර්ග තියෙනවා. ගොඩක් වෙලාවට රසායනික ද්‍රවය මුසු නොකළ ඒවා ආහාරයට ගන්න උත්සහ කරන්න. පුළුවන් නම් ඔබම වගා කරගන්න.
පිළිකා සෛල විනාශ කරන එළවලු සහ පළතුරු
කරවිල
පිළිකා රෝගීන්ට ගුණදෙයි. කිරිදෙන මව්වරුන්ට හා ගැබිනි මව්වරුන්ට වඩාත් යෝග්‍ය එළවලුවක්. දියවැඩියාවට ගුණයි. රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩු කරනවා. නමුත් එහි පවතින තිත්ත ගතිය නිසා සමහරු කැමති නැහැ.
🍀 ඒ වගේම රුධිරය පිරිසිදු කිරීමේ ගුණය තිබෙනවා.
🍀 පිළිකා නාශක ගුණයට අමරතව රුධිරයේ ඇති අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය නැති කරනවා.
🍀 ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන අතර සමේ පලු දැමීම දුරු කරනවා.
🍀 ඇස්වල දීප්තිමත් භාවය රැක දෙනවා.
🍀 අර්ශස් රෝගීන්ට ගුණ දෙයි.
🍀 අධික තරබාරුව නැති කරයි.
🍀 අත් පා වල හිරිගතිය දුරු කරයි.
🍀 අකලට කෙස් වැටීම නැති කරයි. පණු රෝග නැති කරයි.
🍀 කරවිල විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථිවල පිළිකා, බඩවැලේ ඇතිවන පිළිකා හා පියයුරු පිළිකා සඳහා ගුණ දෙන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා.
හැබැයි සමහරු කියනවා රාත්‍රී කාලයේදී ආහාරයට ගැනීම සුදුසු නැහැ කියලා. එහෙම කියන්නේ රාත්‍රියේ ඇවිදීමේදී සර්ප දෂ්ඨනයකදී සර්ප විෂ වේගයෙන් සිරුරට අවශෝෂණය වීම වැඩි වේගයකින් සිදු වන බැවින්. |
අනෝදා ( කටු අනෝදා)
අනෝදාවල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණවලින් ඔප්පු කර තිබෙනවා. බඩවැලේ පිළිකා, පෙනහලු පිළිකා අගන්‍යාශයේ පිළිකා, අන්ත්‍ර පිළිකා, පියයුරු පිළිකා වැළැක්වීමේ හැකියාවක් අනෝදා සතුයි. අනෝදාවල පිළිකා නසන ගුණ රාශියක් ඇති බව නූතන පර්යේෂණවලින් ඔප්පු කර ඇත. මෙහිදී සිදුවන්නේ පිළිකා වර්ධන වේගය අඩු කිරීමයි. ශරීරය දුර්වල වීමට ඉඩ නොතබයි. නමුත් ශරීරයේ හොඳ සෛල විනාශ කරන්නේ නැහැ. ඊට අමතරව ,
🍑 වෛරස් බැක්ටීරියා නාශක ගුණය හා බඩවැල්වල සිටින පණුවන් නැති කිරීම.
🍑 අධික රුධිර පීඩනය නැති කිරීම.
🍑 මානසික ආතතිය දුරු කිරීම.
🍑 ස්නායු ආබාධවලට ගුණයි.
🍑 ශරීරයේ ප්‍රතිශක්තිය ඇති කරයි. මුහුණේ පැහැය ඇති කරයි.
🍑 හෘද රෝග නැති කරයි.
🍑 ඇදුම නැති කරයි.
🍑 ඇස් රෝග නසයි.
🍑 මුත්‍රා ගල්වලට ගුණයි.
🍑 පිත්තාශගත රෝග සුව කරයි.
🍑 ඇට මිදුළු හා දත් ශක්තිමත් කරයි.
🍑 මාංශ පේශීන් වර්ධනය කරයි.
🍑 දියවැඩියාව පාලනය කරයි.
🍑 පිළිකාවකදී ඇතිවන හිසකේ ගැලවී යාම, බර අඩුවීම වැනි ලක්ෂණ අඩු වෙනවා.
🍑 ශරීරයේ බලය ඇති කරයි.
🍑 ශක්තිය ඇති කරයි.
🍑 මනා ප්‍රසන්න පෙනුමක් ඇති කරයි.
🍑 මුත්‍රා දැවිල්ල දුරු කරයි.
🍑 තුවාල සුව කිරීම ඉක්මන් කරයි.
🍑 සමේ රෝග නැති කරයි.
🍑 සන්ධි රෝගවලට ගුණදෙයි.
🍑 කකුල් ඉදිමුම නැති කරයි.
රතු අල හෙවත් බීට් රූට්
මෙහි පිළිකා නසන ගුණය පවතිනවා. පිළිකා සෛල වර්ධන වේගය අඩු කරනවා සහ විනාශ කරනවා.ඊට අමතරව,
🍀 මල බද්ධය දුරු කරයි.
🍀 තුවාල ශෝධනය කරයි.
🍀 අධික රුධිර පීඩනය අඩු කරයි.
🍀 අක්මාව සහ වකුගඩු ආරක්ෂා කරයි.
🍀 අධික තරබාරුව නැති කරයි.
🍀 ප්‍රදාහ නැති කරයි.
🍀 රුධිරය නිපදවීමට උදව් වෙයි.
🍀 බඩදැවිල්ල නැති කර දමයි.
🍀 බඩ තුළ හටගන්නා තුවාල නැති කරයි.
🍀 දත් මුල්වලින් රුධිරය පිටවීම නැති කරයි.
🍀 සම පැහැපත් කරයි.
🍀 අක්මා රෝග දුරලයි.
🍀 පිත්තාශයේ රෝග ද දුරු කරයි.
🍀 නහර ගැට ගැසීම වළකයි.
🍀 අතීසාරයට ගුණයි.
🍀 අර්ශස් නැති කරයි.
🍀 ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
🍀 දත් ශක්තිමත් කරයි.
🍀 අස්ථි ශක්තිමත් කරයි.
දුරියන්
🍈 ගොඩක් ගුණදෙන පළතුරක්.
🍈 පිළිකා නසන ගුණය ඇත.
🍈 පිළිකා සෑදීමේ වේගය අඩු කරයි.
🍈 කාන්තා රෝගවලට ගුණදෙයි.
🍈 සිරුර සිසිල් කරයි.
🍈 බලය වඩයි. ශක්තිය වඩයි.
🍈 පිපාසය දුරලයි.
🍈 වද භාවය නැති කරයි.
🍈 පුරුෂ ශක්තිය වඩයි.
🍈 පිළිකා නසන ගුණය ඇත.
🍈 පිළිකා සෑදීමේ වේගය අඩු කරයි.
🍈 ඇස් පෙනීම දියුණු කරයි.
🍈 සම රැළි වැටීම නැති කරයි.
🍈 කෙස් දීපිතිමත් කරයි.
🍈 ඇස් දීප්තිමත් කරයි.
🍈 කෑම රුචිය වැඩි කරයි.
🍈 ආහාර හොඳින් දිරවයි.
🍈 ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
🍈 ඇට මිදුළු සහ දත් ශක්තිමත් කරයි.
🍈 තරුණ බව රැක දෙයි.
🍈 විදුරුමස්වලින් ලේ ගැලීම නැති කරයි.
🍈 හොඳින් කන් ඇසීම ඇති කරයි.
🍈 ස්නායු රෝගවලට ගුණයි.
🍈 කොලෙස්ටරෝල් හා දියවැඩියාව නැති කරයි.
🍈 විදුරුමස් ශක්තිමත් කරයි.
🍈 තරුණ බව රැක දෙයි.
🍈 විටමින් බහුලයි.
දෙළුම්
🍑 දෙළුම් සෞඛ්‍යසම්පන්න බවින් ඉහළම පළතුරක් ලෙස සැලකෙනවා. දෙළුම්වල, අනෙක් පළතුරු හා සම කළ නොහැකි, සිරුරට ඉතාමත් හිතකර සංයෝග අඩංගු වෙනවා. විද්‍යාත්මක පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ, දෙළුම් ආහාරයට ගැනීම මගින් බොහෝමයක් රෝග ඇති වීම වළක්වා ගත හැකි බවයි. පිළිකා රෝහලේ පවා රෝගීන්ට දෙළුම් ආහාරයට හොඳම පළතුරක් සෙල නිර්දේශ කරලා තියෙනවා. දෙළුම් ඇට දෙකකින් මිය යන කෙනෙකුගේ ආයුෂ දවස් දෙකකින් වැඩි කරනවා කියලයි ජන වහරේ කියන්නේ.
🍑 ප්‍රබල ශාක සංයෝග ද්විත්වයක් වන පුනිකැලජින්ස් සහ පියුනිසාක් අම්ලවලින් ද දෙළුම් පරිපූර්ණයි. අතිශය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන පුනිකැලජින්ස්, දෙළුම් යුෂවල සහ පොත්තේ බහුල වශයෙන් අඩංගු වෙනවා. එය කොතරම් ප්‍රබල ද කිවහොත්, රතු වයින් හෝ හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාරක බව මෙන් තුන් ගුණයක්.
🍑 පිළිකාවට එරෙහිව සටන් වැදීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන පියුනිසාක් අම්ලය අඩංගු වන්නේ දෙළුම් ඇටවලයි. මේ නිසා ම පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා දෙළුම් ඇට මඟින් ලබා ගන්නා තෙල් යොදා ගන්නවා. පුරුෂයන් අතර බහුල පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට මෙන්ම, බොහෝමයක් කාන්තාවන්ට ඇති පියයුරු පිළිකාවට එරෙහිව දෙළුම් යොදා ගත හැකි බව මේ වනවිට පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා. ඒ අනුව පිළිකා සෛල වර්ධනය වන වේගය අඩාළ කිරීමේ හැකියාව දෙළුම් සතුයි.
🍑 පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක දී ඒ මඟින් නිපදවන PSA (prostate specific antigen) නම් ප්‍රෝටීනයේ නිෂ්පාදන වේගය ඉතාමත් කෙටි කලක් තුළ දී දෙගුණයක් වන අතර , පර්යේෂණ මඟින් තහවුරු වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පෙළෙන අයෙක් දිනකට දෙළුම් යුෂ අවුන්ස 8 බැගින් පානය කළහොත්, සති 15 කින් දෙගුණ වන PSA හි නිෂ්පාදන වේගය , සති 54කින් දක්වා කල් යන බවයි.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |