රොකට් වේගයෙන් ගිය එළවළු මිලට එකපාරටම මොකද වුණේ දන්නව ද?.
පසුගිය සතියේ ඉහල ගිය එළවළු මිල මේ වන විට පහත වැටී තිබෙනවා.
කැරට් කිලෝවක් පසුගිය සතියේ ඉතා ඉහළ මිලකට අලෙවි වූ අතර මේ වන විට එය රුපියල් 700 කින් පමණ පහත වැටී ඇත.
එමෙන්ම මේ වන විට අනෙකුත් එළවළු වර්ග වල මිල ද රුපියල් සියයත් එකසිය පහනත් අතර මිලකින් පහත වැටී තිබෙනවා.
ඒ බව කැප්පෙටිපොල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙලෙදුන් කියා සිටියේ ය.
කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය යනු උඩරට එළවළු වර්ග රට පුරා බෙදා හරින ප්‍රධානම ආර්ථීක මධ්‍යස්ථානය වේ.
එහි එළවළු තොග මිලට ගැනීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට වෙලෙදුන් දෛනිකව පැමිනෙයි.
මේ වන විට එලෙස පැමිනෙන වෙලෙදුන්ගේ ප්‍රමාණය ද යම් තරමකට අඩුව තිබෙනවා.
එහි මේ වන විට පවතින එළවළු තොග මිල වන්නේ,
බෝංචි 450 - 500
රාබු 100 -130
අර්තාපල් (වැලිමඩ ) 250 - 300
කැරට් 800 - 900
ගෝවා 550 - 500
මාළු මිරිස් 1000
වම්බටු 400- 420
තක්කාලි 600 - 630
ලීක්ස් 400 - 450
බීට් 450 -500
නෝකෝල් 400-300
අමු මිරිස් 800 - 850
සලාද 300
තක්කාලි - 550 - 600
Sponsored By Sarrita Jewellery