තාරුණ්‍යයේ සිහින සැබෑ කරමින් "වේගා"මෝටර් රථ සඳහා මෙරට බලපත්‍රය හිමිවෙයි..!
Bandula Gunawardane
Sri Lanka
By Sewvandhi
සති 3 කට පෙර
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය "වේගා" මෝටර් රථ සඳහා හිමිව තිබේ.
ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද(3) සිදුකෙරිණි.
ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය.
එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා විසින් වේගා මෝටර් රථය නිර්මාණය කළ හර්ෂ සුබසිංහ මහතා වෙත ලබාදීම සිදුකෙරිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |