අඹු-සැමි යුවළ සමඟ වෑන් රිය අඩි 300ක් ප්‍රපාතයට.. සිදු වූ විනාශය
Accsident
welmida to colombo
van accsident
By Sithumi
කොළඹ සිට වැලිමඩ දක්වා ධාවනය වු වැන් රථයක් අඩි 300 ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම වැන් රථයේ ගමන් ගත් අඹුසැමි යුවළ බරපතල ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව වටවල පොලිසිය පැවසිය.
අද (26) පස්වරුවේ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදිය.
ධාවනය වෙමින් තිබු වැන් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් වැන් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300 පමණ ප්‍රපාතයෙන් පිහිටි වන වගා රක්ෂිතයකට පෙරලි ඇති බව වටවල පොලිසියි කියා සිටියේය.
වැන් රථය පෙරලිමත් සමග වැන් රථයේ තුවාල ලබා සිර වි සිටි අඹුසැමි යුවල ප්‍රදේශවාසින් විසින් ඉවතට ගෙන වටවල ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ගොස් ඇත. අනතුරෙන් වැන් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |