සැක සහිත ලෙස පොලිස් අත්අඩංගුවේ දී මියගිය කාන්තාව..
පොලීසිය තුළ ප්‍රකාශ සටහන් කරගන්නා අතරතුර රෝගාතුරවූ කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වැලිකඩ පොලිසිය ප්‍රකාශ සටහන් කරමින් සිටී කාන්තාවකි.
පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් අදාළ කාන්තාව මියගොස් ඇති බවට ඇයගේ ඥාතීන් චෝදනා කරනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.
පසුගිය 11 වනදා වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ පදිංචි ප්‍රකට ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියකගේ නිවසෙහි රත්‍රං භාණ්ඩ සොරගත් බවට ලැබුණු පැමිණිල්ලක් මත එම නිවසෙහි මෙහෙකාර කාන්තාව වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ, එම කාන්තාව වෙනත් නිවසක සේවය කරමින් සිටියදීය. ඉන්පසු ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අතරතුර ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලීසිය සැකකාරියව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. එහිදී එම කාන්තාව මියගොස් තිබේ.
42 හැවිරිදි තිදරු මවක් වන අදාළ කාන්තාව ආර්. රාජ්කුමාරි නම් බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇයගේ සැමියා චෝදනා කරන්නේ පොලීසිය සිදුකළ පහරදීමක් හේතුවෙන් තම බිරිඳ මියගොස් ඇති බවය. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |