පොලිස්පතිවරයෙකුගේ නම පවසා ගජ රාමෙට පවත්වාගෙන යන ගණිකා නිවාසය.දේශපාලඥයන් හා ප්‍රභූන් සමග ගත් සමීප ඡායාරූප ප්‍රදර්ශනයට..!

Panadura Piliyandala Valana Karadhiyana brothel House
By Sewvandhi Mar 21, 2022 04:36 PM GMT
Report

නියෝජ්‍ය පොලිස්පතිවරයකුට අයත් බව පවසමින් පිලියන්දල කරදියාන ප්‍රදේශයේ රූමත් තරුණියන් යොදාගෙන පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා තරුණියන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනකු අද (21) සවස අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි

උසස් පොලිස් නිලධාරීන් සහ පක්ෂ විපක්ෂ දේශපාලඥයන් මෙන්ම ප්‍රභූ පුද්ගලයන් සමග සමීප සබඳතා පවත්වාගෙන යන බවට හැඟවීමට ඔවුන් සමග ලබාගත් සමීප ඡායාරූප විශාල කර කාර්යාලය තුල ප්‍රදර්ශනය කර මෙම ගණිකා ජාවාරම කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයකු කාලයක් තිස්සේ සිදු කර ගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

 මෙම ගණිකා නිවාසය සම්බන්ධයෙන් පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද රහසිගත තොරතුරක් අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක සඳරුවන් මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදු කර ඇත

එම ඒකකයේ බුද්ධි අංශ නිලධාරීන් දින ගණනාවක් ආවේශන රාජකාරිය සඳහා යොදවා එම ස්ථානයේ ගණිකා නිවසක් තිබෙන බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව උපාය දූතයකු රුපියල් 6000 ක මුදලකට රූමත් කාන්තාවක් මිලදී ගැනීමට යොදවා තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම සිදු කළ බව පොලිසිය සඳහන් කරයි

වැටලීම සිදුකරන අවස්ථාවේදී රූමත් කාන්තාවන් දෙදෙනකු පමණක් සිටි බවත් එම ස්ථානයෙන් නිත්‍ය වශයෙන්ම කාන්තාවන් පස් දෙනකු ගණිකා සේවයේ යෙදී ඇති බවට කාර්යාලේ තිබෙන ලිපි ලේඛන වලින් තහවුරු වන බවට වැටලීමට සහභාගිවූ නිලධාරියෙක් පැවැසීය 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now